Israel Supermarket / Commercial Worker Interview Questions and Answers (Sinhala)

Free guide by Pawan Sir · English with Pawan Sir

ඊශ්‍රායලයේ supermarket / commercial worker රැකියාවකට interview එකට යනවද? ඒ interview එකේදී නිතරම අහන ප්‍රශ්න සහ ඒවාට දෙන්න පුළුවන් සරල ඉංග්‍රීසි උත්තර මෙතන තියෙනවා. හැම ප්‍රශ්නයක් එක්කම සිංහල තේරුම, interviewer බලන දේ, උත්තර දෙන ආකාරය සහ වචනය කියන විදිහත් දාලා තියෙනවා.

This page lists the common English interview questions for supermarket / commercial worker jobs in Israel (working with customers, shelves and the cash counter in a supermarket), with simple model answers and Sinhala explanations by Pawan Sir of NewEye. Practise them out loud before your interview.

Free PDF: Israel Interview Questions and Answers (Sinhala)
ප්‍රශ්න 80ම, සරල ඉංග්‍රීසි උත්තර සහ සිංහල තේරුම් එක්ක එකම PDF එකක. නොමිලේ download කරගන්න.

Download the free PDF

1. How do you greet a customer?

සිංහලෙන්: පාරිභෝගිකයෙක්ට ආචාර කරන්නේ කොහොමද?

Interviewer බලන්නේ: Shop job එකක පළමු තත්පර 5 වැදගත්. ඔබ පාරිභෝගිකයන්ට හොඳින් කතා කරනවද කියලා බලනවා.

උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: ආචාරයක්, සාදරයෙන් පිළිගැනීමක්, 'How can I help you?' කියන ප්‍රශ්නය. හිනාවෙලා කියන්න.

Model answer: Good morning. Welcome. How can I help you?

සුබ උදෑසනක්. සාදරයෙන් පිළිගන්නවා. මම කොහොමද උදව් කරන්නේ?

Another way to say it: Hello, welcome to our shop.

Key word: welcome /ˈwelkəm/ · හිනාවක් සහ ඇස් දිහා බැලීම

⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)

2. What is FIFO?

සිංහලෙන්: FIFO කියන්නේ මොකක්ද?

Interviewer බලන්නේ: Supermarket interview එකේ අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. ඔබ තොග කළමනාකරණය දන්නවද කියලා බලනවා.

උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: FIFO එකේ සම්පූර්ණ නම කියලා, තේරුම කියන්න: පරණ බඩු මුලින් විකුණනවා.

Model answer: First in, first out. We sell the old stock first.

මුලින් ආපු බඩු මුලින් විකුණනවා.

Another way to say it: Old items first, new items later.

Key word: stock /stɒk/ · stock = තොගය

⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)

3. How do you give change?

සිංහලෙන්: ඉතුරු සල්ලි දෙන්නේ කොහොමද?

Interviewer බලන්නේ: Cashier වැඩේදී මුදල් හරියට ගණන් කරලා ආචාරශීලීව දෙනවද කියලා බලනවා.

උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: 'Here is your change' කියලා ගණන කියන්න. 'balance' නෙවෙයි, 'change'.

Model answer: Here is your change, 15 shekels.

මෙන්න ඔබේ ඉතුරු සල්ලි, ෂෙකෙල් 15.

Another way to say it: Your change is 15 shekels. Thank you.

Key word: change /tʃeɪndʒ/ · Here is = මෙන්න

⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)

4. Where is the rice?

සිංහලෙන්: සහල් තියෙන්නේ කොහේද?

Interviewer බලන්නේ: පාරිභෝගිකයන්ට කඩේ ඇතුළේ පාර පෙන්නන්න පුළුවන්ද කියලා බලනවා.

උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: Aisle අංකය සහ පැත්ත කියන්න: on the left, on the right. පුළුවන් නම් එක්කන් ගිහින් පෙන්නන්න.

Model answer: It is in aisle 5, on the left.

5 වෙනි aisle එකේ, වම් පැත්තේ.

Another way to say it: Please come with me. I will show you.

Key word: aisle /aɪl/ · aisle = /aɪl/. 's' කියන්නේ නැහැ

⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)

5. A customer is angry. What do you do?

සිංහලෙන්: පාරිභෝගිකයෙක් කේන්තියෙන් නම් මොකද කරන්නේ?

Interviewer බලන්නේ: කේන්ති ගත්ත පාරිභෝගිකයෙක් එක්ක ඔබ සන්සුන්ව කටයුතු කරනවද කියලා බලනවා.

උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: පියවර 3ක්: අහගෙන ඉන්නවා, සමාව ඉල්ලනවා, උදව් කරන්න උත්සාහ කරනවා.

Model answer: I listen. I say sorry. I try to help.

අහගෙන ඉන්නවා. සමාව ඉල්ලනවා. උදව් කරන්න උත්සාහ කරනවා.

Another way to say it: I stay calm and polite.

Key word: angry /ˈæŋɡri/ · Listen, sorry, help: පියවර 3

⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)

6. A customer wants to return an item. What do you say?

සිංහලෙන්: පාරිභෝගිකයෙක් බඩුවක් ආපසු දෙන්න ඕනේ නම්?

Interviewer බලන්නේ: බඩු ආපසු දෙන ක්‍රමය ඔබ දන්නවද කියලා බලනවා.

උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: ආචාරශීලීව රිසිට්පත ඉල්ලන්න. 'Do you have the receipt, please?'

Model answer: Do you have the receipt, please?

රිසිට්පත තියෙනවද?

Another way to say it: No problem. Let me check it.

Key word: return /rɪˈtɜːn/ · Return policy අනුව රිසිට්පත ඕනේ

⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)

7. Can you work with people from different countries, religions and cultures?

සිංහලෙන්: වෙනස් රටවල, ආගම්වල, සංස්කෘතීන්වල අය එක්ක වැඩ කරන්න පුළුවන්ද?

Interviewer බලන්නේ: Israel එකේ ගොඩක් රටවල, ආගම්වල අය වැඩ කරනවා. ඔබ හැමෝටම ගරු කරනවද කියලා බලනවා.

උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: 'Yes' කියලා, ඔබ හැමෝටම ගරු කරනවා කියලා කියන්න. Respect කියන වචනය පාවිච්චි කරන්න.

Model answer: Yes. I respect everyone. I like working with different people.

ඔව්. හැමෝටම ගරු කරනවා. වෙනස් අය එක්ක වැඩ කරන්න කැමතියි.

Another way to say it: Yes. I worked with Tamil and Muslim friends for years.

Key word: culture /ˈkʌltʃə/ · culture = සංස්කෘතිය

⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)

Israel interview එකට සම්පූර්ණයෙන් සූදානම් වෙන්න

Israel English Course: interview questions, workplace English සහ grammar, සරල සිංහලෙන්. Lifetime access + certificate.

Enroll in the course
WhatsApp 070 727 3000

හැම Israel interview එකකම අහන පොදු ප්‍රශ්න

ඕනෑම ක්ෂේත්‍රයක interview එකක් පටන් ගන්නේ “Tell me about yourself”, “Why do you want to work in Israel?”, “Did you pay anyone for this job?” වගේ පොදු ප්‍රශ්න වලින්. ඒ හැම එකටම උත්තර සිංහල තේරුම එක්ක මෙතන බලන්න: Israel interview questions and answers in Sinhala.

Interview එකේදී මතක තියාගන්න

  • කෙටි, සරල වාක්‍ය වලින් උත්තර දෙන්න. දිග උත්තර ඕනේ නැහැ.
  • හිනාවක් එක්ක, හෙමින් සහ පැහැදිලිව කතා කරන්න.
  • ප්‍රශ්නය තේරුණේ නැත්නම් බය වෙන්න එපා: “Sorry, can you say that again, please?”
  • උත්තර කටපාඩම් කරනවට වඩා, මේ වාක්‍ය ඔබේම විස්තර එක්ක වෙනස් කරලා පුරුදු වෙන්න.

Other Israel job sectors

Full course: Israel English Course – interview English in Sinhala

error: Content is protected !!