Ultimate Phonics Workbook

← සියලුම PDF පොත්

Ultimate Phonics Workbook printable PDF

TINY STARS PHONICS · ENGLISH WITH PAWAN SIR

Pawan sirහැදුවේ Pawan sirEnglish Teacher · BA in English (CINEC)

Ultimate Phonics Workbook | දරුවාට ගෙදරදීම ඉංග්‍රීසි කියවන්න උගන්වන පොත | Dot Dash Read!

ඉංග්‍රීසි අකුරුවල ශබ්දයේ ඉඳන් කෙටි කතන්දර කියවනකම් දරුවාව පියවරෙන් පියවර ගෙනියන printable phonics workbook එකක්. දෙමව්පියන්ට සිංහල guide එකක් එක්ක.

පිටු 223වයස 4 සිට 8Levels 6දවසට විනාඩි 10සිංහල parent guide

ඔබට ගැලපෙන pack එක තෝරන්න:

Rs. 1,490

එක පාරක් ගෙවන්න. PDF එක හැමදාටම ඔබේ. මාසික ගාස්තු නැහැ.

  • ගන්න කලින් ඇත්ත පිටු ටිකක් නොමිලේ බලන්න පුළුවන්
  • A4 පිටු, colour හෝ black and white print කරන්න පුළුවන්
  • Bank transfer එකෙන් ගෙවන්න, තහවුරු කළාම download link එක email එකට එනවා
  • ප්‍රශ්න තියෙනවද? WhatsApp කරන්න 070 727 3000

📘 Dot Dash Read! අකුරේ නම නෙවෙයි, අකුරේ ශබ්දය උගන්වන පොත

ලංකාවේ ගොඩක් දරුවෝ A, B, C ඉගෙන ගන්නේ අකුරුවල නම් විදියට, නැත්නම් සිංහල අකුරු විදියට. ඊට පස්සේ වචනයක් කියවන්න ගියාම හිරවෙනවා. Phonics වලින් උගන්වන්නේ හැම අකුරකින්ම එන ශබ්දය. එතකොට දරුවාට ශබ්ද එකතු කරලා තනියම වචනය කියවන්න පුළුවන්. Dot Dash Read! පොතේ හැම පිටුවකම තියෙන්නේ එක පොඩි පියවරක්. මුල්ම අකුරු ශබ්දයේ ඉඳන් කෙටි කතන්දර කියවනකම් දරුවා ඉස්සරහට යනවා.

දවසට විනාඩි 10ක් දරුවා එක්ක වාඩි වෙලා කරන්න. Parent guide එක සිංහලෙන් තියෙන නිසා ඔබේ ඉංග්‍රීසි දුර්වල වුණත් උගන්නන්න පුළුවන්.

✨ තිත් සහ ඉරි වැඩ කරන්නේ මෙහෙමයි

  • අකුරක් යට තියෙන තිතකින් කියන්නේ එක අකුරයි, එක ශබ්දයයි. දරුවා තිත අල්ලලා ශබ්දය කියනවා.
  • අකුරු දෙකක් එකට (sh, ch, ee වගේ) යට තියෙන ඉරකින් කියන්නේ අකුරු දෙකයි, ශබ්දය එකයි.
  • හිනාවක් වගේ ඉරකින් ස්වරය සහ magic e එක (cake වගේ) යා කරනවා. එතකොට ස්වරය තමන්ගේ නම කියනවා.
  • ඊට පස්සේ ඊතලය දිගේ ඇඟිල්ල අරගෙන ගිහින් ශබ්ද එකතු කරලා වචනය කියවනවා: s, h, i, p, ship.

ස්වර රෝස පාටින්, අකුරු කණ්ඩායම් කොළ පාට කොටුවල, අමාරු heart words දම් පාටින්. ඉතින් මොකද කරන්න ඕන කියලා පිටුවෙන්ම දරුවාට පේනවා.

📦 පොතේ තියෙන්නේ මොනවද?

⭐ Ultimate Phonics Workbook

පොත 1 · පිටු 223 · Workbook PDF එක සහ share කරන්න නොමිලේ sample එකක් තියෙන ZIP එකක්

  • Level 1, Letter sounds: අකුරු 26ම, පින්තූරයක්, ශබ්දය සහ රතු නිල් ද්විත්ව රේඛාවල ලියන්න පුහුණුව
  • Level 2, First words: short a, e, i, o, u වචන එකතු කරලා කියවීම
  • Level 3, Two letters, one sound: sh, ch, th, ck, ng, qu, wh, ff, ll, ss, zz
  • Level 4, Blends: s blends, l blends, r blends සහ වචනය අගට එන blends
  • Level 5, Long vowels: a_e, i_e, o_e, u_e, ai, ay, ee, ea, igh, ie, y, oa, ow, oo, ue, ew
  • Level 6, More sounds: ar, or, er, ir, ur, oi, oy, ou, ow, aw, au, tch, dge, air, ear සහ silent letters
  • ශබ්ද තිත් එක්ක වචන 480ක් විතර, හැම level එකකම කෙටි වාක්‍ය සහ කතන්දර
  • ලංකාවේ දරුවෝ පටලවගන්න ශබ්ද වලට විශේෂ පිටු (Sound twins): p සහ f, v සහ w, s සහ z, s සහ sh, sh සහ ch, t සහ th
  • Heart word wall, sound mat, flashcards, games, reward chart සහ reading path
  • පොත වැඩ කරන විදිය, සිංහල parent guide එක, ශබ්ද හරියට කියන විදිය සහ සති 16ක සැලැස්මක්

⭐ Complete Learning Bundle

පොත් 6 · පිටු 491 · PDF 6ක් සහ Start here guide එකක් තියෙන ZIP එකක්

  • Ultimate Phonics Workbook එකේ තියෙන හැම දෙයක්ම
  • Ready, Steady, School! (පිටු 93, වයස 3 සිට 6): pencil රේඛා, A සිට Z අකුරු, 1 සිට 20 ඉලක්කම්, හැඩතල, පාට, හිතන්න කරන games
  • Busy Hands (පිටු 52, වයස 3 සිට 7): කතුරෙන් කපන පිටු, වර්ග කරන්න, පිළිවෙළට තියන්න, සෙවනැලි ගලපන්න, puzzles, mazes, dot to dot සහ memory game
  • My Solar System (පිටු 46, වයස 4 සිට 8): හිරු, ග්‍රහලෝක අට, සඳ සහ සඳේ කලා, දවල් සහ රෑ, games, පාට කරන පිටු සහ කපලා ගන්න space cards
  • My Amazing Body (පිටු 36, වයස 4 සිට 8): ශරීර කොටස්, ඉන්ද්‍රිය පහ, ශරීරය ඇතුළේ තියෙන දේ සහ නිරෝගීව ඉන්න පුරුදු
  • My Nature Journal (පිටු 41, වයස 4 සිට 9): කාලගුණය, ශාක, සතුන්, ලංකාවේ සොබාදහම, journal පිටු සහ එළියේ කරන හොයන ක්‍රීඩා
  • මුලින්ම විවෘත කරන්න ඕන පොත කියලා දෙන Start here guide එකක්

⭐ Complete School Readiness Bundle

පොත් 8 · පිටු 575 · PDF 8ක් සහ Start here guide එකක් තියෙන ZIP එකක්

  • Complete Learning Bundle එකේ තියෙන හැම දෙයක්ම
  • I Can Do It! (පිටු 35, වයස 4 සිට 8): මගේ දවස, වෙලාව කියවීම, තමන්ව බලාගැනීම, කරුණාවන්ත වචන, හැඟීම්, ආරක්ෂාව සහ සල්ලි ගැන මුල් පාඩම්
  • Draw, Colour, Calm (පිටු 49, වයස 4 සිට 9): සන්සුන් වෙන්න පාට කරන පිටු, colour by number, පින්තූරය කොපි කරන්න, අනිත් භාගය අඳින්න, අඳින්න ඉගෙන ගන්න සහ හැඟීම් පාටින්

🎯 දෙමව්පියන් මේ පොත තෝරගන්න හේතු

අකුරේ නම නෙවෙයි, ශබ්දයහැම අකුරකින්ම එන ශබ්දය දන්න නිසා දරුවාට අලුත් වචනත් තනියම කියවන්න පුළුවන්.
පිටුවකට එක පොඩි පියවරක්හැම පිටුවකම එක අලුත් දෙයයි. දරුවා දිගටම දිනනවා, ඊළඟ පිටුව කරන්න ආසයි.
දෙමව්පියන්ට සිංහල උදව්Parent guide එක සිංහලෙන්. ශබ්ද ලියලා තියෙන්නේ හරි විදියට, කවදාවත් සිංහල අකුරුවලින් නෙවෙයි.
ආයේ ආයේ print කරන්නදරුවාට ඕන තරම් වතාවක් පිටුවක් print කරගන්න. අයියලා නංගිලාටත් පුළුවන්.
ලංකාවේ ගෙවල් වලට හැදුවේලාංකීය ඉංග්‍රීසි ගුරුවරයෙක් ලිව්වේ, අපේ දරුවෝ ඇත්තටම කරන ශබ්ද වැරදි හිතේ තියාගෙන.
විනාඩි 10ක් ඇතිසතියට එක දිගු පාඩමකට වඩා දවසට පොඩි, සතුටු පාඩමක් හොඳට වැඩ කරනවා.

👥 මේ පොත කාටද?

  • දරුවාට ඉංග්‍රීසි කියවන්න උගන්වන්න කැමති වයස 4 සිට 8 දරුවන්ගේ දෙමව්පියන්ට
  • ABC සිංදුව දන්නවා, ඒත් වචනයක් කියවන්න බැරි දරුවන්ට
  • Preschool, Grade 1, Grade 2 ගුරුවරුන්ට (තමන්ගේ පන්තියට)
  • මුල් කියවීම උගන්වන tuition ගුරුවරුන්ට
  • Homework වලට උදව් කරන සීයලා ආච්චිලාට

🗓️ පාවිච්චි කරන්නේ කොහොමද?

  1. ඔබ ඉන්න level එක විතරක් print කරන්න. මුළු පොතම එකපාර print කරන්න ඕන නැහැ.
  2. විනාඩි 10ක් එකට වාඩි වෙන්න. ශබ්දය කියන්න, තිත අල්ලන්න, වචනය එකතු කරන්න.
  3. හැම level එකකම අගට තියෙන කෙටි වාක්‍ය සහ කතන්දර කියවන්න.
  4. Flashcards සහ games වලින් පුහුණු වෙන්න. Reward chart එක එකට පුරවන්න.
  5. සති 16ක සැලැස්ම පාවිච්චි කරන්න, නැත්නම් හෙමින් යන්න. හැම දරුවෙක්ටම තමන්ගේම වේගයක් තියෙනවා.
Pawan sir, English teacher

❤️ ඔබේ ගුරුවරයා

මම Pawan sir, BA in English (CINEC) උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරයෙක්. English with Pawan sir සහ Tiny Stars Online English Class කරන්නේ මම. මේ website එකේ තියෙන Israel English Course එකත් උගන්නන්නේ මම. ගෙදරදීම පියවරෙන් පියවර ඉංග්‍රීසි ඉගෙන ගන්න ලංකාවේ පවුල්වලට උදව්වක් වෙන්න තමයි මම මේ පොත් හැදුවේ. සිසුන් කියන දේ Facebook එකේ බලන්න.

🛒 මිලදී ගන්නේ කොහොමද?

  1. “දැන්ම මිලදී ගන්න” ඔබන්න. ඔබේ නම, phone number එක සහ email එක දාන්න.
  2. Bank transfer කරන්න. Bank account අංක checkout එකේ පේනවා. Reference එක විදියට order number එක දාන්න.
  3. Receipt එක එවන්න. Receipt එකේ photo එකක් 070 727 3000 ට WhatsApp කරන්න.
  4. Download කරගන්න. ගෙවීම තහවුරු කළාම download link එක ඔබේ email එකට එනවා.

❓ නිතර අහන ප්‍රශ්න

කීයේ ඉඳන්ද පටන් ගන්න ඕන?

ගොඩක් දරුවෝ අවුරුදු 4ත් 6ත් අතර ලෑස්තියි. තාම කියවන්න බැරි වැඩිමල් දරුවන්ටත් Level 1 ඉඳන් පටන් අරන් ඉක්මනට යන්න පුළුවන්.

මගේ ඉංග්‍රීසි දුර්වලයි. මට උගන්වන්න පුළුවන්ද?

ඔව්. Parent guide එක සිංහලෙන්, 'Saying the sounds well' පිටුවේ හැම ශබ්දයක්ම කියන විදිය තියෙනවා. හිරවුණොත් level පිටුවේ QR code එක scan කරන්න, නැත්නම් අපිට WhatsApp කරන්න.

Activity පොතක් විතරක් ගන්න පුළුවන්ද?

Activity පොත් 5 එන්නේ bundles එක්ක විතරයි. Phonics workbook එක තනියම ගන්නත් පුළුවන්.

Phone එකේ ZIP file එක open කරන්නේ කොහොමද?

Phone එකේ Files app එකේ file එක ඔබන්න. එතකොට PDF තියෙන folder එක open වෙනවා. Computer එකේ නම් double click කරන්න.

මේක print කරපු පොතක්ද?

නැහැ. ඔබට ලැබෙන්නේ PDF file එකක්. ගෙදරදී හෝ ඕනම print shop එකකින් A4 කොළවල, colour හෝ black and white print කරගන්න පුළුවන්.

File එක ලැබෙන්නේ කවදද?

Bank transfer කරලා receipt එක 070 727 3000 ට WhatsApp කළාම, ගෙවීම තහවුරු කරලා download link එක ඔබේ email එකට එවනවා. අපි ගෙවීම් බලන්නේ සඳුදා සිට සෙනසුරාදා, උදේ 10 සිට හවස 5 දක්වා.

කීප පාරක් print කරන්න පුළුවන්ද?

ඔව්. එක මිලදී ගැනීමක් එක පවුලකට, නැත්නම් එක ගුරුවරයෙකුගේ පන්තියට. ඔබේ දරුවන්ට හෝ සිසුන්ට ඕන තරම් print කරගන්න. කරුණාකර file එක අනිත් අයට share කරන්න හෝ online දාන්න එපා.

Phone එකෙන් open කරන්න පුළුවන්ද?

ඔව්. PDF එක ඕනම phone, tablet හෝ computer එකක open වෙනවා. ලියන්න හදපු පිටු නිසා ගොඩක් අය print කරලා පාවිච්චි කරනවා.

File එක open වෙන්නේ නැත්නම් මොකද කරන්නේ?

Order number එකත් එක්ක 070 727 3000 ට WhatsApp කරන්න. අපි උදව් කරනවා, නැත්නම් file එක ආයෙත් එවනවා.

✨ අදම පටන් ගන්න

අද රෑම නොමිලේ sample එක දරුවා එක්ක කරලා බලන්න. කැමති නම් සම්පූර්ණ පොත ගන්න.

මේවාත් ඔබට ප්‍රයෝජනවත් වෙයි

මුලින්ම නොමිලේ sample එකගෙවන්න කලින් ඇත්ත පිටු බලන්න.
WhatsApp එකෙන් උදව්070 727 3000, සඳුදා සිට සෙනසුරාදා, උදේ 10 සිට හවස 5 දක්වා.
ලංකාවේ හැදුවේලාංකීය ඉංග්‍රීසි ගුරුවරයෙක් ලියපු, සිංහල උදව් එක්ක පොත්.

error: Content is protected !!