Israel Manufacturing / Factory Interview Questions and Answers (Sinhala)
Free guide by Pawan Sir · English with Pawan Sir
ඊශ්‍රායලයේ manufacturing (factory) රැකියාවකට interview එකට යනවද? ඒ interview එකේදී නිතරම අහන ප්‍රශ්න සහ ඒවාට දෙන්න පුළුවන් සරල ඉංග්‍රීසි උත්තර මෙතන තියෙනවා. හැම ප්‍රශ්නයක් එක්කම සිංහල තේරුම, interviewer බලන දේ, උත්තර දෙන ආකාරය සහ වචනය කියන විදිහත් දාලා තියෙනවා.
This page lists the common English interview questions for manufacturing / factory jobs in Israel (working in a factory with machines, tools and safety rules), with simple model answers and Sinhala explanations by Pawan Sir of NewEye. Practise them out loud before your interview.
ප්‍රශ්න 80ම, සරල ඉංග්‍රීසි උත්තර සහ සිංහල තේරුම් එක්ක එකම PDF එකක. නොමිලේ download කරගන්න.
ප්‍රශ්නයක් තෝරන්න (tap a question):
1. Tell me about yourself. (Factory)
සිංහලෙන්: ඔබ ගැන කියන්න. (කම්හල)
Interviewer බලන්නේ: Factory job එකකට Myself එකේදී interviewer අහගෙන ඉන්නේ ඔබ පරිස්සම්ද, ආරක්ෂක නීති පිළිපදිනවද කියලා.
උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: සාමාන්‍ය Myself එකම කියන්න, ඒත් හොඳ ගුණ විදිහට 'careful' සහ 'safety rules' කියන වචන එකතු කරන්න.
Model answer: My name is Ruwan. I am from Gampaha. I am 31 and married. I am a packing helper with five years of experience. I am careful and I follow safety rules.
මගේ නම රුවන්. ගම්පහ. 31, විවාහකයි. අවුරුදු පහක පැකින් හෙල්පර්. පරිස්සම්, ආරක්ෂක නීති පිළිපදිනවා.
Key word: careful /ˈkeəfl/ · Factory එකට 'careful' සහ 'safety'
⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)
2. What does PPE mean?
සිංහලෙන්: PPE කියන්නේ මොකක්ද?
Interviewer බලන්නේ: Factory interview එකේ පළමු ප්රශ්නය. ඔබ ආරක්ෂාව ගැන දන්නවද කියලා බලනවා.
උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: අකුරු 3ේ සම්පූර්ණ නම කියන්න: Personal protective equipment. උදාහරණ 2ක් එකතු කරන්න.
Model answer: Personal protective equipment.
පුද්ගලික ආරක්ෂක උපකරණ.
Another way to say it: It means safety items we wear.
Key word: equipment /ɪˈkwɪpmənt/ · P, P, E = Personal, Protective, Equipment
⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)
3. What do you do before you fix a machine?
සිංහලෙන්: මැෂිමක් හදන්න කලින් මොකද කරන්නේ?
Interviewer බලන්නේ: මැෂින් එක්ක වැඩ කරනකොට ඔබ ආරක්ෂිතද කියලා බලනවා. මේක MCQ එකේත් එනවා.
උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: කෙටි උත්තරයක්: මුලින්ම විදුලිය නවත්වනවා.
Model answer: I turn off the power first.
මුලින්ම විදුලිය නවත්වනවා.
Another way to say it: I switch off and lock the machine.
Key word: power /ˈpaʊə/ · power off = විදුලිය නවත්වනවා
⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)
4. What is a defective product?
සිංහලෙන්: දෝෂ සහිත නිෂ්පාදනයක් කියන්නේ මොකක්ද?
Interviewer බලන්නේ: ගුණාත්මක පාලනය ඔබ දන්නවද කියලා බලනවා. මේක MCQ එකේත් එනවා.
උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: ප්‍රශ්නයක් තියෙන බඩුවක් කියලා තේරුම කියන්න. ඒක යවන්නේ නැහැ කියලා එකතු කරන්න.
Model answer: A product with a problem. We do not send it out.
ප්‍රශ්නයක් තියෙන බඩුවක්. ඒක යවන්නේ නැහැ.
Another way to say it: A broken or wrong product.
Key word: defective /dɪˈfektɪv/ · MCQ ප්‍රශ්නයක්
⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)
5. How many millimetres are in one metre?
සිංහලෙන්: මීටරයක මිලිමීටර කීයද?
Interviewer බලන්නේ: Factory වැඩේදී මිනුම් වැදගත්. MCQ එකේ මේ වගේ ප්‍රශ්න එනවා.
උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: 1 metre = 1000 millimetres. 'thousand' කියනකොට 'th' හරියට කියන්න.
Model answer: One thousand millimetres.
මිලිමීටර 1000.
Key word: thousand /ˈθaʊznd/ · 1 m = 1000 mm
⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)
6. Which tool shows a surface is flat?
සිංහලෙන්: මතුපිටක් සමතලාද බලන්නේ මොකෙන්ද?
Interviewer බලන්නේ: උපකරණ වල නම් English වලින් දන්නවද කියලා බලනවා.
උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: උපකරණයේ නම කියන්න: spirit level. ඒකේ වැඩේත් කියන්න පුළුවන් නම් හොඳයි.
Model answer: A spirit level.
ස්පිරිට් ලෙවල් එකෙන්.
Another way to say it: A level.
Key word: spirit level /ˈspɪrɪt ˈlevl/ · ඇතුළේ බුබුලක් තියෙනවා
⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)
7. How do you stack boxes?
සිංහලෙන්: පෙට්ටි අඩුක් කරන්නේ කොහොමද?
Interviewer බලන්නේ: ගබඩාවේ ආරක්ෂිතව වැඩ කරනවද කියලා බලනවා.
උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: බර පෙට්ටි පහළට, සැහැල්ලු පෙට්ටි උඩට කියලා කියන්න.
Model answer: Heavy boxes at the bottom, light boxes on top.
බර පෙට්ටි පහළට, සැහැල්ලු පෙට්ටි උඩට.
Another way to say it: I keep the stack straight and not too high.
Key word: stack /stæk/ · heavy = බර, light = සැහැල්ලු
⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)
8. Your gloves are torn. What do you do?
සිංහලෙන්: අත්වැසුම් ඉරිලා නම් මොකද කරන්නේ?
Interviewer බලන්නේ: කැඩුණු ආරක්ෂක උපකරණ පාවිච්චි කරනවද කියලා බලනවා.
උත්තර දෙන්න ඕනේ මෙහෙමයි: වැඩ නවත්තලා අලුත් අත්වැසුම් අරන් වැඩ කරනවා කියලා කියන්න.
Model answer: I stop and get new gloves before I work.
නවත්තලා අලුත් අත්වැසුම් අරන් වැඩ කරනවා.
Another way to say it: I ask my supervisor for new ones.
Key word: torn /tɔːn/ · torn = ඉරිච්ච. කැඩුණු PPE පාවිච්චි කරන්න එපා
⬆ ප්‍රශ්න ලැයිස්තුවට (Back to questions)
Israel interview එකට සම්පූර්ණයෙන් සූදානම් වෙන්න
Israel English Course: interview questions, workplace English සහ grammar, සරල සිංහලෙන්. Lifetime access + certificate.
හැම Israel interview එකකම අහන පොදු ප්‍රශ්න
ඕනෑම ක්ෂේත්රයක interview එකක් පටන් ගන්නේ “Tell me about yourself”, “Why do you want to work in Israel?”, “Did you pay anyone for this job?” වගේ පොදු ප්‍රශ්න වලින්. ඒ හැම එකටම උත්තර සිංහල තේරුම එක්ක මෙතන බලන්න: Israel interview questions and answers in Sinhala.
Interview එකේදී මතක තියාගන්න
- කෙටි, සරල වාක්‍ය වලින් උත්තර දෙන්න. දිග උත්තර ඕනේ නැහැ.
- හිනාවක් එක්ක, හෙමින් සහ පැහැදිලිව කතා කරන්න.
- ප්රශ්නය තේරුණේ නැත්නම් බය වෙන්න එපා: “Sorry, can you say that again, please?”
- උත්තර කටපාඩම් කරනවට වඩා, මේ වාක්‍ය ඔබේම විස්තර එක්ක වෙනස් කරලා පුරුදු වෙන්න.
Other Israel job sectors
- Israel Caregiver interview questions
- Israel Housekeeping interview questions
- Israel Kitchen Helper interview questions
- Israel Restaurant interview questions
- Israel Supermarket / Commercial Worker interview questions
- Israel Agriculture interview questions
- Israel Construction & Renovation interview questions
Full course: Israel English Course – interview English in Sinhala